ආදර සිත්තම්
Thursday, 14 October 2021
Friday, 18 June 2021
Wednesday, 28 August 2019
සෙත් ශාන්තිය (සාම්ප්‍රදායික සන්නිවේදනය)
සෙත් ශාන්තිය
"ගේත් එක්ක පාලුයි දම්මි , සුරංග නැති මේ දවස් දෙක - තුනට අවුරුදු දෙකක් මන් මේ දරුවෝ දෙන්න එක්ක තට්ට තනියමේ ඉන්නේ කොමෙයි දෙයියනේ ! ටිකක් හරි පාලු මැකෙන්නේ යසෝ අක්කා කුස්සියේ ඉන්න හින්දයි . ඉතින් ඔය මොනවාහරි දොඩවා දොඩවා ඉන්න එක තමයි දම්මි මගේ වැඩේ . එයෙයි රෑට ඉන්නවටත් ගානක් වෙනම දෙන්න සුරංග පොරොන්දු වුනා. මේ ස්කොලර්ශිප් එකෙන් අපි තුන්දෙනාට යහපතක් වන හින්දයි සුරංග ඉන්දියාවට ගියේ. නැත්නම් අපි තුන්දෙනා දාලා ගෙයින් එලියට අඩියක් තියෙන මිනිහෙක් නෙවෙයි."
විජිතානි, සිය කාර්යාලයේ දී හිතවත් මිතුරියක හා ඇගේ සිතේ පවතින හොන්දුමාන්දුකම මෙන්ම දුක තුනිකරගන්නට සිතා සුසුමක් හෙළුවාය . විජිතානි ගණකාධිකාරවරියෙකි. ඇගේ සැමියා සුරංග ඉංජිනේරුවරයෙකි . ඉකුත් දා ඔහුට ශිෂ්‍යත්වයක් හිමිව ඉන්දියාවට ගියේය.
"විජිතානි, ඔයැයි සුරංග ගැන හිතහිතා හැමදාම ඉන්න ගියොත් මානසික රෝගියෙක් වෙනවා. අනික දරුවෝන්ටත් තාත්තා නැතිව සංකාව අපේ දේවාලයේ සෙනසුරදාටයි අගහරුවාදටයි යාතිකාවක් තියෙනවා. ඔය හිතේ තියෙන කාන්සිය-මහන්සිය ලෙඩදුක් කරදර ඔක්ක්කොම ටික දුරු වෙනවා යාතිකා ටික ඇහුවම. හරි සෙනග එතන. අපේ දුව සාමාන්‍ය පෙළ පාස් වුනේ මොකෝ පාඩම් කරලයි. නෑ කපුමහත්තයාගේ යාතිකා බලයෙන්. අපි ඉතින් ලොකු තෑග්ගක් ගිහින් දුන්නා කපු මහත්තයාට"
මිතුරියගේ යෝජනාව විජිතානි හිස්මුදුනින් පිළිගත්තා ය. ඇයට හරි සතුට කි .
මිතුරියගේ මග පෙන්වීම යටතේ විජිතානි සතියේ සෑම අගහරුවාදා හා සෙනසුරාදා දෙදිනම රෑ 8න් පසු කිසිම වැඩක් යොදා නොගනී. ඇය පළමුව දරු දෙදෙනාට කවා නිමකර ඇය ද මොනවහරි උඩින් පල්ලෙන් ගිල දමන්නේ රෑ වන තුරු දේවාලයේ ගත කිරීමට සිදුවන බැවිනි.දරු දෙදෙනාටත් අන්දවාගෙන ඇයත් ගමනට සැරසී යසෝ අක්කාත් රථයට නංවාගෙන දේවාලය වෙත එන්නේ සැහැල්ලු වූ සිතිනි.
"තෙල් මල් හදුන්කූරු ඔක්කොම ටික හරි නේද යසෝ අක්කේ " ? ඇය ඒ බව සේවිකාවගෙන් අසන්නේ සියලුදෙනාම රියට නැග ගත්තා ට පසුවය .
කපුමහත්තයාගේ කන් පිනවන දෙවියන් යදින යාතිකා බැතිමතුන් කුල්මත් කරවති .
" මං නම් මේ දවස් ටිකේ මස් මාළු බිත්තර කෑමෙන් වැළකිලා ඉන්නේ හරිම අමාරුවෙන්. පොඩි දෙන්නට තාම මේවයේ ගුණ සුවද තේරෙන්නේ නැති හන්ද ඒ දෙන්න්නා මස් මාළු කාලා ආවට කමක් නෑ කියලයි කපුමහත්තයා කිවිවේ. නැත්නම් මේ දෙන්නට මස් මාළු බිත්තර නැතිව කවාගන්න හරි අමාරුයි "
දේවාලයේ දී අලුතින් දැන හදුනාගත් හිතවතුන් හමුවේ ඇය පවසන්නේ එසේය.
"අපේ ලොකු දූගේ ග්‍රහ අපල වලට කපු මහත්තයා ලව්වා සෙත් ශාන්තියක් කරව ගන්න මං එනවා මිසක් හිත හොදින් එන ගමනක් නෙමෙයි. අර බලලා පුරුදු ටෙලි නාට්‍ය දවසක් හරි මග හැරුනම මටනම් හිතට හරි මොකද්ද වගේ ."
දේවාලයේ දී අලුත් මිතුරියන් පවසන මේ දුක් අදෝනා විජිතානි අසා සිටින්නේ ඊටත් වඩා දුකිනි . ඇය ඔවුන්ගේ සිත් සනසවාලයි. කෝවිලේදී දැන හදුනාගත් මිතුරු පවුලක් සමග කුළුපග විය. ඇය නමින් සුමනාවතී විය .
මේ දේවාලයේ ගොඩාක් හාස්කම් තියෙනවා නේද ? සමහරුන්ට අදෘශ්‍යමාන බලවේග වලට ප්‍රතිකර්ම කරනවා කියන්නේ ඇත්ත ද ? මං අහලා තියෙන විදිහට ලෙඩට දුකට පුදුමාකාර සහනයක් තියෙන බව දම්මි දවසක් මට කිවුවා .
"ඔව් ගැටබරු දේවාලය කියන්නේ පුදුමාකාර හාස්කම් තියෙන තැනක් මේ රජ්ජුබන්ඩාර දේව අඩවිය නොවැ ." නෝනා මාතර ම ද ?"
"නෑ, මං මේ පළාතේ නොවේ මං හපුතලේ මන් මෙහා පදිංචියට අවේ මේ ලගදී ."
"අහ් එහෙම ද එහෙනම් මේ දේවාලේ හාස්කම් ගැන දැනගන්න විදිහක් නැ. ."රුහුණේ පුංචි කතරගම’’ කියලා තමයි මේ දේවාලයට කිව්වේ. මේ දේවාලයේ බලගතුකම නොදන්නා කෙනකු දකුණු පළාතේ නොමැති තරම්ය.ඒ තරමටම ගැටබරු දේවාලය මිනිස්සුන්ට සමීපයි නෝනේ . ගෙදරක දානයක්, පිරිතක්, පිංකමක්, උත්සවයක් ආදී කිසියම් සුබ කටයුත්තක් තියන්න කලින් ගැටබරු දේවාලයට ගොහින් පඩුරක් ගැටගහලා බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගන්නවා . "
"සොරකමක්, මංකොල්ලයක්, අපහාසයක දී ද, මිනිස්සුන්ගේ පිහිටට ඉන්නේ මේ දෙවියන්ය. පොලිසියට අධිකරණයට වඩා යුක්තිය පිළිබඳ සොයා බලා වැරැදි කරුවන්ට දඬුවම් දෙන්න රජ්ජුරු බණ්ඩාර දෙවියන් කටයුතු කරන බව මිනිස්සු විශාල ලෙස විශ්වාස කරනවා ."
හොඳට හා නරකට යන දෙකටම පිහිට වන මේ දෙවියන්ට "එවෙලේ දඬුවම් දෙන දෙවියන්" කියලා කියනවා නෝනා .
" මං ගිහින් එන්නම් නෝනේ ගැටබරු දෙවිහමුදුරුවන්ගේ පිහිටයි ."
විජිතානි දරු දෙදෙනාවත් රැගෙන දේවාලය වෙත යන්නට වුවාය.ඇය දෙවොල වෙත ගොස් කපු මහතා සමග තමා ආ කාරනාව පවසා ආශිර්වාදය ලබා ගත්තාය. ඒ අතරතුර ඇයට දැනගත හැකි වුයේ මහා වංශයේ සඳහන් පරිදි වලගම්බා රජු සතුරු ආක්රමණිකයින්ගෙන් මිදීමට සැඟවී සිටි රුහුණේ කඳු ශිඛර මත ඉදි කළ ලෙන් විහාරයක් ලෙසද මෙම ස්ථානය හැඳින්වෙන බවත් ගැටබරුව සමගම රුවන්කන්ද, එළමල්දෙනිය, ඌරුමුත්ත හා සිත්තම්ගල්ලෙන ආදී සිද්ධස්ථාන ද එම යුගයේ බිහි වූ බව ත් ය .
කන්ද උඩරට රාජ වංශයේ බණ්ඩාර සම්භවයෙන් පැවත ආ බණ්ඩාරවරුන් ප්‍රාදේශීය උප රාජ්‍යයන් බවට පත් වීමේදී බස්නාහිර ඉසව්වේ ප්‍රදේශ රැුසකට අධිපතිව සිට මරණයෙන් පසු රජ්ජුරු බණ්ඩාර නමින් දේවත්වයට පත්ව ඇතැයි ද තවත් ජනප්රවාදයක සඳහන් වන බව ඇයට දැනගත හැකි වුයේ කපුමහතා අතර ඇතිවූ සංවාදයෙනි .
කෙසේ වෙතත් රජ්ජුරු බණ්ඩාර දෙවියන් අයුක්තියට අසාධාරණයට එරෙහිව යුක්තිය ඉටු කොට දඬුවම් ලබාදෙන දෙවියකු බව සියලූ දෙනා අතර ප්‍රකට බවත් තම ජීවිතයට සොර සතුරු බියක්, නින්දා අපහාසයක් සිදු වෙයිද, ඒ ඕනෑම දෙයකට පිහිට ලබා දෙන්නේ මේ දේවාලයෙ න් බවත් එම නිසා පලි ගැසීම, අවලාද කිරීම, වස් කවි කීම හා පොල් ගැසීම මෙම දේවාල භූමියේ අලූත් දෙයක් නොවන බවත් ඇයට දැනගතහැකි විය
ඇය දේවාල අඩවියෙන් පිටතට පැමිණෙන විට ඇයගේ හිතේ තිබු සියලුම පීඩාවන් සියල්ල පහව ගොස් තිබුණි . ඈ එතනින් පිටව යන්නට වුයේ නැවතත් පැමිණීමේ බලපොරත්තුවෙන්ය.
රජ්ජුරු බණ්ඩාර දෙවියන්
පුන්සදනී නාගහවත්ත
HS/2016/0726 MACO 21442
Tuesday, 30 July 2019
සෞදි රියදුරු බලපත හිමිවූ පළමු යුරෝපා කාන්තාව
සෞදි රියදුරු බලපත හිමිවූ පළමු යුරෝපා කාන්තාව
සෞදි කාන්තාවන්ට රිය පැදවීම සඳහා නීත්‍යානුකූල රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සෞදි රජයේ වැඩපිළිවෙළ යටතේ එලෙස රියදුරු බලපත්‍රය ලබා ගත් පළමු යුරෝපා කාන්තාව ලෙස පින්ලන්ත ජාතික කාන්තාවකට අවස්ථාව හිමිව ඇත.
මෙම ලෙස සෞදියේදී රියදුරු බලපත්‍රය හිමි කරගත් පළමු යුරෝපා කත වූයේ ලෝරා අල්හෝ නැමැති පින්ලන්ත කාන්තාවකි.
සෞදියේ බ්ලූ අබයා නැමති සංචාරක බ්ලොග් පිටුවක සංස්කාරකවරියක වන ලෝරා කියා සිටියේ තමාට රියදුරු බලපත්‍රය නිකුත් කරමින් ,තමන් මෙලෙස බලපත්‍රයක් හිමි කර ගත් පළමු යුරෝපීය කත වන බව සෞදි බලධාරීන් කියා සිටි බවය.
මොරූර් හි රථවාහන අංශයෙන් තමාට හිමි විදෙස් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඉතාම හොදින් සිදු වූ බව ද ඇය කියා සිටින්නීය.විශේෂයෙන් එරට වැසියන්ට හා විදේශකයින්ට එකම ක්‍රමවේදයකට සිදු වී බවද ලෝරා කියා සිටින්නීය.
සෞදි කාන්තාවන්ට රිය පැදවීමට අවසර ලබා දීමට සෞදියේ සල්මාන් බින් අබ්දුල්ලාසි අල් සෞද් තීරණය කළේ පසුගිය වසරේය. ඒ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ යෝජනාවකට අනුවය.
කාන්තාවන්ට රිය පැදවීම සඳහා අවසර දීම සිදුවන්නේ රජ ආඥාවක් හරහාය. එය සිදුවීමට නියමිතව ඇත්තේ ලබන 24 වැනිදා සිටය. සුදුසුකම් ලැබූ සහ විදේශ රියැදුරු බලපත්‍ර ඇති කාන්තාවන් 2,000 කට මෙම සතිය ඇතුළත රියැදුරු බලපත්‍ර ලබා දෙන බව සෞදි මෝටර් රථ දෙපාර්තමේන්තුව පවසා ඇත.
Monday, 29 July 2019
මහත මිනිසුන්ට වෙන් වූ රටක් 😯😮
ලොව තරබාරුම රට ලෙස හදුන්වන්නේ නවුරුය(Nauru). එයට හේතුව වන්නේ එරට ජනගහනයෙන් 95%කට ආසන්න ප්රාමාණයක් අධි බරකින් යුක්ත වීමයි. 2007දී සිදුකළ අධ්‍යනයකට අනුව එරට ජනගහනයෙන් 94.5%ක් අධි බර මට්ටම ඉක්මවා සිටින අතර 71.7% ක් අධික ස්ථුලතාවයෙන් පෙලේ.
සාමාන්‍යයෙන් අධි බර ලෙස සලකණු ලබන්නේ BMI(Body Mass Index) අගය 25ට වැඩි වූ විටය. එම අගය 30 ඉක්මවූ විට ස්ථුලතාවය ලෙස සලකණූ ලබයි. නවුරු වැසියන්ගේ BMI අගයේ සාමාන්‍ය 32.5ක් වන අතර සාමාන්‍ය දේහ බව 100Kg ක් වේ.
ඕස්ට්‍රේලියාවට ඊසාන දෙසින් පිහිටා ඇති කුඩා දූපතක් වන නවුරු බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත පරිපාලනයෙන් මිදී 1968 දී නිදහස ලබාගන්නේ ලොව කුඩාම ස්වාධීන රාජ්‍ය බවට පත්වෙමිනි. මින් අනතුරුව විදේශිකයන් සතුව තිබූ පොස්ෆේට් පතල්වල අයිතිය ස්වදේශිකයන් සතු වන අතර ඉන් ලැබෙන අධික ආදායම හේතුවෙන් නවුරු එවකට ලොව දෙවන ඉහළම ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය හිමි රට බවට පත් විය.
ඉහළ ගිය ජීවන තත්වය හේතුවෙන් එරට වැසියන් බටහිර රටවලින් ආනයනය කරන මේදය හා සීනි අධික ක්ෂණික ආහාරවලට හුරුවිය. වසර ගණනාවක් තිස්සේ සිදුවු පතල් කැනීම් කටයුතුවලින් දූපතේ බිම් ප්‍රමාණයෙන් විශාල ප්‍රතිශතයක් වගාකළ නොහැකි තත්වයේ පවතින අතර සැකසූ ආහාර ආනයනය බහුලය.
90 දශකයේ අග භාගය වන විට පොස්ෆේට් සංචිත අවසන් වෙමින් තිබීම, පොස්ෆේට් මිල පහල යාම, රජයේ මූල්‍ය කළමණාකරනයේ දුර්වලතා ආදිය හේතුවෙන් නවුරු හි ආර්ථිකය කඩා වැටුණි. වර්තමානයේදී එය බන්කොලොත් රාජ්‍යක් ලෙස සලකන අතර මුදල් විශුද්ධීකරණය, මත්ද්‍රව්‍ය බෙදාහැරීම හා රුසියානු සංවිධානාත්මක අපරාධ කල්ලි සඳහා මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත.
කෙසේ වෙතත් වර්තමානය වන විට නවුරු රාජ්‍යට උරුමව ඇත්තේ කඩා වැටුණු ආර්ථිකයක්, විනාශ වුණු පරිසරයක් සහ අධික තරබාරු ජනගහනයක් පමණි.

මිනිසාට සම ලක්ෂණ ඇති ඩොල්පින්
ඩොල්පින් යනු මිනිසාට බොහෝ සෙයින් සමාන ගතිගුණ ඇති සත්තවයෙකි.එම නිසා මිනිසුන් මෙන්ම ඩොල්පින් මසුන්ද මත් වීමට ප්‍රියතාවයක් දක්වන බව හවායි හි පිහිටා තිබෙන ඩොල්පින් පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් පවසයි.
ඒ අනුව ඩොල්පින් මසුන් මත් වීමට භාවිත කරන ක්රමයද විශ්මයජනකය.පර්යේෂකයන් පවසන අන්දමට මෙම ක්‍රියාවට ඩොල්පින් මසුන් 40-60 පමණ සහභාගී වේ. Puffer fish නැමති මත්සයෙකු වටා ඩොල්පින් රැල එසේ එක්වේ.මෙම මත්සයා අධික විෂකින් යුතු වන අතර මෙම මත්සයාගේ ශරිරය තුළ ටොක්සීන්(Toxic) නැමති මාරාන්තික විෂ අඩංගු වේ.මෙම රසායනය අධික ලෙස ශරීර ගත වුවහොත් මරණයට පත් වන අතර සුළු ප්‍රමාණයක් මගින් මත්බවක් ලබා දෙන බව පැවසේ.එම නිසා ඩොල්පින් රැල සිදු කරන්නේ කවයක් ආකාරයට සැකසී ඔවුන්ගේ මුව භාවිතයෙන් මෙම මත්සයා ඔවුනොවුන් අතර හුවමාරු කරගනී.මද වේලාවක් මෙසේ සිදුකරණ විට ඩොල්පින් මසුන් මත් වේ.ඇති පදමට මත් වූ පසු ඩොල්පින් රැළ puffer fish මත්සයා අත්හැර දමා නැවත දියඹ කරා පිහිනා යයි.නමුත් ඩොල්පින් මසුන් තරම ඉක්මවා මත් නොවීමට වග බලා ගන්නේ එසේ වුවහොත් නිසැකවම මරණය හිමි වන බව ඔවුන් දන්නා බැවිනි.
සරම්ප රෝගීන් ඉහල යයි..
ගෝලීය සරම්ප රෝගීන් තුන් ගුණයකින් ඉහළයයි
ඉකුත් මාස තුනක කාලයේ දී ගෝලීය සරම්ප රෝගීන්ගේ සංඛයාව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.
අප්‍රිකාවේ එම සංඛ්‍යාව සියයට 700ක ගුණයකින් ඉහළ ගොස් ඇත. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛන පෙන්වා දේනනේ ලෝකයේ සියලු කලාපයන්ගේ සරම්ප රෝගය සිග්‍ර ලෙස ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇති බවය. මෙයින් වඩාත් පීඩාවට පත්ව ඇත්තේ යුක්රේනය, මැඩගස්කරය සහ ඉන්දියාව යන රටවල් ය.
ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා මැඩගස්කරයේ පුද්ගලයින් 800දෙනෙකු මිය ගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ. බ්‍රසීලය, පකිස්ථානය හා යේමනයේ ද කුඩා ළමුන් ඇතුළු මරණ රැසක් වාර්තා වී ඇත.
මොළයේ සහ පෙනහළුවල ආසාදන හට ගනිමින් දරුණු සංකූලතා ඇතිවන ඉහළ ආසාධිත රෝගයක් ලෙස සරම්ප සැලකේ. ඒ සදහා නිවැරදි එන්නත් ලබාගැනීම රෝගය වළක්වා ගැනීමට වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරනු ලැබේ.

Subscribe to:
Posts (Atom)