ලොව තරබාරුම රට ලෙස හදුන්වන්නේ නවුරුය(Nauru). එයට හේතුව වන්නේ එරට ජනගහනයෙන් 95%කට ආසන්න ප්රාමාණයක් අධි බරකින් යුක්ත වීමයි. 2007දී සිදුකළ අධ්‍යනයකට අනුව එරට ජනගහනයෙන් 94.5%ක් අධි බර මට්ටම ඉක්මවා සිටින අතර 71.7% ක් අධික ස්ථුලතාවයෙන් පෙලේ.
සාමාන්‍යයෙන් අධි බර ලෙස සලකණු ලබන්නේ BMI(Body Mass Index) අගය 25ට වැඩි වූ විටය. එම අගය 30 ඉක්මවූ විට ස්ථුලතාවය ලෙස සලකණූ ලබයි. නවුරු වැසියන්ගේ BMI අගයේ සාමාන්‍ය 32.5ක් වන අතර සාමාන්‍ය දේහ බව 100Kg ක් වේ.
ඕස්ට්‍රේලියාවට ඊසාන දෙසින් පිහිටා ඇති කුඩා දූපතක් වන නවුරු බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත පරිපාලනයෙන් මිදී 1968 දී නිදහස ලබාගන්නේ ලොව කුඩාම ස්වාධීන රාජ්‍ය බවට පත්වෙමිනි. මින් අනතුරුව විදේශිකයන් සතුව තිබූ පොස්ෆේට් පතල්වල අයිතිය ස්වදේශිකයන් සතු වන අතර ඉන් ලැබෙන අධික ආදායම හේතුවෙන් නවුරු එවකට ලොව දෙවන ඉහළම ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය හිමි රට බවට පත් විය.
ඉහළ ගිය ජීවන තත්වය හේතුවෙන් එරට වැසියන් බටහිර රටවලින් ආනයනය කරන මේදය හා සීනි අධික ක්ෂණික ආහාරවලට හුරුවිය. වසර ගණනාවක් තිස්සේ සිදුවු පතල් කැනීම් කටයුතුවලින් දූපතේ බිම් ප්‍රමාණයෙන් විශාල ප්‍රතිශතයක් වගාකළ නොහැකි තත්වයේ පවතින අතර සැකසූ ආහාර ආනයනය බහුලය.
90 දශකයේ අග භාගය වන විට පොස්ෆේට් සංචිත අවසන් වෙමින් තිබීම, පොස්ෆේට් මිල පහල යාම, රජයේ මූල්‍ය කළමණාකරනයේ දුර්වලතා ආදිය හේතුවෙන් නවුරු හි ආර්ථිකය කඩා වැටුණි. වර්තමානයේදී එය බන්කොලොත් රාජ්‍යක් ලෙස සලකන අතර මුදල් විශුද්ධීකරණය, මත්ද්‍රව්‍ය බෙදාහැරීම හා රුසියානු සංවිධානාත්මක අපරාධ කල්ලි සඳහා මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත.
කෙසේ වෙතත් වර්තමානය වන විට නවුරු රාජ්‍යට උරුමව ඇත්තේ කඩා වැටුණු ආර්ථිකයක්, විනාශ වුණු පරිසරයක් සහ අධික තරබාරු ජනගහනයක් පමණි.
Ela
ReplyDelete