Tuesday, 30 July 2019

සෞදි රියදුරු බලපත හිමිවූ පළමු යුරෝපා කාන්තාව

සෞදි රියදුරු බලපත හිමිවූ පළමු යුරෝපා කාන්තාව
සෞදි කාන්තාවන්ට රිය පැදවීම සඳහා නීත්‍යානුකූල රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සෞදි රජයේ වැඩපිළිවෙළ යටතේ එලෙස රියදුරු බලපත්‍රය ලබා ගත් පළමු යුරෝපා කාන්තාව ලෙස පින්ලන්ත ජාතික කාන්තාවකට අවස්ථාව හිමිව ඇත.
මෙම ලෙස සෞදියේදී රියදුරු බලපත්‍රය හිමි කරගත් පළමු යුරෝපා කත වූයේ ලෝරා අල්හෝ නැමැති පින්ලන්ත කාන්තාවකි.
සෞදියේ බ්ලූ අබයා නැමති සංචාරක බ්ලොග් පිටුවක සංස්කාරකවරියක වන ලෝරා කියා සිටියේ තමාට රියදුරු බලපත්‍රය නිකුත් කරමින් ,තමන් මෙලෙස බලපත්‍රයක් හිමි කර ගත් පළමු යුරෝපීය කත වන බව සෞදි බලධාරීන් කියා සිටි බවය.
මොරූර් හි රථවාහන අංශයෙන් තමාට හිමි විදෙස් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඉතාම හොදින් සිදු වූ බව ද ඇය කියා සිටින්නීය.විශේෂයෙන් එරට වැසියන්ට හා විදේශකයින්ට එකම ක්‍රමවේදයකට සිදු වී බවද ලෝරා කියා සිටින්නීය.
සෞදි කාන්තාවන්ට රිය පැදවීමට අවසර ලබා දීමට සෞදියේ සල්මාන් බින් අබ්දුල්ලාසි අල් සෞද් තීරණය කළේ පසුගිය වසරේය. ඒ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ යෝජනාවකට අනුවය.
කාන්තාවන්ට රිය පැදවීම සඳහා අවසර දීම සිදුවන්නේ රජ ආඥාවක් හරහාය. එය සිදුවීමට නියමිතව ඇත්තේ ලබන 24 වැනිදා සිටය. සුදුසුකම් ලැබූ සහ විදේශ රියැදුරු බලපත්‍ර ඇති කාන්තාවන් 2,000 කට මෙම සතිය ඇතුළත රියැදුරු බලපත්‍ර ලබා දෙන බව සෞදි මෝටර් රථ දෙපාර්තමේන්තුව පවසා ඇත.

Monday, 29 July 2019

මහත මිනිසුන්ට වෙන් වූ රටක් 😯😮

ලොව තරබාරුම රට ලෙස හදුන්වන්නේ නවුරුය(Nauru). එයට හේතුව වන්නේ එරට ජනගහනයෙන් 95%කට ආසන්න ප්‍රාමාණයක් අධි බරකින් යුක්ත වීමයි. 2007දී සිදුකළ අධ්‍යනයකට අනුව එරට ජනගහනයෙන් 94.5%ක් අධි බර මට්ටම ඉක්මවා සිටින අතර 71.7% ක් අධික ස්ථුලතාවයෙන් පෙලේ. 

සාමාන්‍යයෙන් අධි බර ලෙස සලකණු ලබන්නේ BMI(Body Mass Index) අගය 25ට වැඩි වූ විටය. එම අගය 30 ඉක්මවූ විට ස්ථුලතාවය ලෙස සලකණූ ලබයි.
 නවුරු වැසියන්ගේ BMI අගයේ සාමාන්‍ය 32.5ක් වන අතර සාමාන්‍ය දේහ බව 100Kg ක් වේ.

ඕස්ට්‍රේලියාවට ඊසාන දෙසින් පිහිටා ඇති කුඩා දූපතක් වන නවුරු බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත පරිපාලනයෙන් මිදී 1968 දී නිදහස ලබාගන්නේ ලොව කුඩාම ස්වාධීන රාජ්‍ය බවට පත්වෙමිනි. මින් අනතුරුව විදේශිකයන් සතුව තිබූ පොස්ෆේට් පතල්වල අයිතිය ස්වදේශිකයන් සතු වන අතර ඉන් ලැබෙන අධික ආදායම හේතුවෙන් නවුරු එවකට ලොව දෙවන ඉහළම ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය හිමි රට බවට පත් විය.

ඉහළ ගිය ජීවන තත්වය හේතුවෙන් එරට වැසියන් බටහිර රටවලින් ආනයනය කරන මේදය හා සීනි අධික ක්ෂණික ආහාරවලට හුරුවිය. වසර ගණනාවක් තිස්සේ සිදුවු පතල් කැනීම් කටයුතුවලින් දූපතේ බිම් ප්‍රමාණයෙන් විශාල ප්‍රතිශතයක් වගාකළ නොහැකි තත්වයේ පවතින අතර සැකසූ ආහාර ආනයනය බහුලය.

90 දශකයේ අග භාගය වන විට පොස්ෆේට් සංචිත අවසන් වෙමින් තිබීම, පොස්ෆේට් මිල පහල යාම, රජයේ මූල්‍ය කළමණාකරනයේ දුර්වලතා ආදිය හේතුවෙන් නවුරු හි ආර්ථිකය කඩා වැටුණි. වර්තමානයේදී එය බන්කොලොත් රාජ්‍යක් ලෙස සලකන අතර මුදල් විශුද්ධීකරණය, මත්ද්‍රව්‍ය බෙදාහැරීම හා රුසියානු සංවිධානාත්මක අපරාධ කල්ලි සඳහා මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත.

කෙසේ වෙතත් වර්තමානය වන විට නවුරු රාජ්‍යට උරුමව ඇත්තේ කඩා වැටුණු ආර්ථිකයක්, විනාශ වුණු පරිසරයක් සහ අධික තරබාරු ජනගහනයක් පමණි. 


මිනිසාට සම ලක්ෂණ ඇති ඩොල්පින්


ඩොල්පින් යනු මිනිසාට බොහෝ සෙයින් සමාන ගතිගුණ ඇති සත්තවයෙකි.එම නිසා මිනිසුන් මෙන්ම ඩොල්පින් මසුන්ද මත් වීමට ප්‍රියතාවයක් දක්වන බව හවායි හි පිහිටා තිබෙන ඩොල්පින් පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් පවසයි.
ඒ අනුව ඩොල්පින්  මසුන් මත් වීමට භාවිත කරන ක්‍රමයද විශ්මයජනකය.පර්යේෂකයන් පවසන අන්දමට මෙම  ක්‍රියාවට ඩොල්පින් මසුන් 40-60 පමණ සහභාගී වේ. Puffer fish නැමති මත්සයෙකු වටා ඩොල්පින් රැල එසේ එක්වේ.මෙම මත්සයා අධික විෂකින් යුතු වන අතර මෙම මත්සයාගේ ශරිරය තුළ ටොක්සීන්(Toxic) නැමති මාරාන්තික විෂ අඩංගු වේ.මෙම රසායනය අධික ලෙස ශරීර ගත වුවහොත් මරණයට පත් වන අතර සුළු ප්‍රමාණයක් මගින් මත්බවක් ලබා දෙන බව පැවසේ.එම නිසා ඩොල්පින් රැල සිදු කරන්නේ කවයක් ආකාරයට සැකසී ඔවුන්ගේ මුව භාවිතයෙන් මෙම මත්සයා ඔවුනොවුන් අතර හුවමාරු කරගනී.මද වේලාවක් මෙසේ සිදුකරණ විට ඩොල්පින් මසුන් මත් වේ.ඇති පදමට මත් වූ පසු ඩොල්පින් රැළ puffer fish  මත්සයා අත්හැර දමා නැවත දියඹ කරා පිහිනා යයි.නමුත් ඩොල්පින් මසුන් තරම ඉක්මවා මත් නොවීමට වග බලා ගන්නේ එසේ වුවහොත් නිසැකවම මරණය හිමි වන බව ඔවුන් දන්නා බැවිනි.

සරම්ප රෝගීන් ඉහල යයි..

ගෝලීය සරම්ප රෝගීන් තුන් ගුණයකින් ඉහළයයි
ඉකුත් මාස තුනක කාලයේ දී ගෝලීය සරම්ප රෝගීන්ගේ සංඛයාව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.
අප්‍රිකාවේ එම සංඛ්‍යාව සියයට 700ක ගුණයකින් ඉහළ ගොස් ඇත. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛන පෙන්වා දේනනේ ලෝකයේ සියලු කලාපයන්ගේ සරම්ප රෝගය සිග්‍ර ලෙස ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇති බවය. මෙයින් වඩාත් පීඩාවට පත්ව ඇත්තේ යුක්‍රේනය, මැඩගස්කරය සහ ඉන්දියාව යන රටවල් ය.
ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා මැඩගස්කරයේ පුද්ගලයින් 800දෙනෙකු මිය ගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ. බ්‍රසීලය, පකිස්ථානය හා යේමනයේ ද කුඩා ළමුන් ඇතුළු මරණ රැසක් වාර්තා වී ඇත.
මොළයේ සහ පෙනහළුවල ආසාදන හට ගනිමින් දරුණු සංකූලතා ඇතිවන ඉහළ ආසාධිත රෝගයක් ලෙස සරම්ප සැලකේ. ඒ සදහා නිවැරදි එන්නත් ලබාගැනීම රෝගය වළක්වා ගැනීමට වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරනු ලැබේ.

Sunday, 28 July 2019

මව් කිරි වල බල මහිමය ..

මව්කිරි වනාහි මවක් ලෙස ඔබේ දරුවාට දිය හැකි වටිනාම ආහාරයයි . එය දෙවරක් නොව දස දහස් වරක් සිතා බැලුවද වෙනස් නොවන කරුණකි.වර්තමානය වන විට නවීන විද්යාිත්මක දැනුම ඔස්සේද ඒ බව මනාව සනාථ ඇත .
මව්කිරි යනු දරුවාගේ අවශ්යුතා අනුව සොබාවිකව සැකසී එන ආහාරයකි .එය සිදුවන්නී කෙසේදැයි තව දුරටත් පැහැදිලි කරගනිමු.
දරුවකු ඉපදුනු විගස මවගෙන් ශ්රාවවය වන මව්කිරි, කොලස්ට්රමම් යන විශේෂ නමකින් හදුන්වන අතර එය මව්කිරි වලට වඩා වෙනස්ය.
කොලස්ට්රවම් වල protein බහුල අතර අලුත උපන් දරුවා ලෙඩ රෝග වලින් ආරක්ෂා කර ගැනීමට ගැනීමට අවශ්යට කරන සුදු රුධිර සයිල ,ප්රරතිදේහ ආදියෙන්ද සමන්විත වේ .මිට අමතරව දරුවාගේ මොලයේ වර්ධනයට , ආහාර මාර්ගයේ වර්දනයට උපකාරී වන growth factors වලින් එය පොහොසත්ය .මෙම කොලස්ට්ර‍ම් දියරය ළා කහ පැහැයෙන් යුක්ත වන අතර උපතේ දින 5ක් පමණ වනතුරු ශ්රාතවය වන දරුවාට අත්යදවශ්යැයෙන්ම ලබා දියයුතු පෝෂනගුණය අතින් කිසිවකට සමකල නොහැකි අනර්ගතම ආහාරයකි
මව්කිරි දීම ප්‍රතික්ෂේපකරන නූතන මව්වරුන්ට මානසික අවපීඩනය ඇතිවීමේ දෙගුණයක අවදානමක් ඇතැයි ජර්යේෂකයෝ කියති. මව්කිරි දීමේ දී මවගේ මනෝභාවයන් වැඩි දියුණු කිරීමට අදාල හෝමෝන රුධිරයට නිදහස් වේ
වැඩිහිටියන් තම දියණිය ලේලිය හා සුරතල් මුණුපුරාගේ අලුත් ජීවන ආරම්භය වෙනුවෙන් ඔබගේ සහයෝගයද වැදගත්ය..
ඔබ දරුවන් රැක බලා ගැනීම පිළිබඳ මනා අත්දැකීමකින් යුතු හෙයින් ඇයට ඔබේ සහය වැදගත්ය.
කිරි දීමේ ක්රමය නිවැරදි දැයි බලා ඇයට ඒ පිළිබඳව දැනුවත් කරන්න.
මාස කිහිපයක් ගේදොර කටයුතුවලින් ඇයව නිදහස් කොට දරුවා සමග මනා සබඳතාවයක් ගොඩනගා ගැනීමට සහය වන්න.
පෝෂණීය ආහාර වේලක් ලබා දෙන්නට කටයුතු කරන්න. හොඳින් කිරි එරෙන ආහාර පිළියෙල කර දෙන්න. නිවසේ සියලු දෙනාටම පෙර ඇයගේ ආහාර වේල ලබා දෙන්න අමතක කරන්න එපා
අලුත උපන් ළදරුවෙක් සමග සිටින මවට විවේකය ලබා දීම ඉතාම වැදගත් බව සියලු දෙනා වටහා ගත යුතුය

ලොව ලොකුම රතු ගඩොල් පල්ලිය

ලොව ලොකුම රතු ගඩොල් පල්ලිය
ප්‍රංශයේ දකුණු දිශාවේ ස්පාඤ්ඤ උතුරු දේශ සීමාවට ආසන්නව මිදි පිරණේ සුන්දර කදු වැටි වලින් අඩක් වසා ගත් ලැන්ගුසුඩොක් රුස්ලෝන් හා මිදි පිරණේ යන පරිපාලන පළාත් දෙක හරහා ගලා යන කි:මි: 381 දිග නිල්වන් ත්‍රාන් ගංඟාව දෙපසට එක්වූ තුලූස් යනුවෙන් හදුන්වන දකුනු දිග ප්‍රංශයේ සුප්‍රසිද්ධ නගරයට කි:මි: 60ක දුරින් පිහිටි පෞරා‚ක මෙන්ම ඉතිහාසාත්මක වටිනාකමක් ලෝකයට එක්කර ඇති සුන්දර නගරයකි ඇල්බි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ යුනේස්කෝ ආයතනය විසින් ලැයිස්තු ගත කැරුණ පෞරාණික වස්තූ අතරට එක්වන මෙම නගරය හරහා ගලා යන ත්‍රාන් නම් ගංඟාව ඇල්බි නගරයට අසල්වැසි ගම්මාන 15කට පමණ දිය පහස ලබා දෙමින් ඊට නුදුරින් පිහිටා ඇති ලෝකයේ විශ්මිත නිපැයුමක් ලෙස හදුන්වන ලෝකයේ උසම පාලම සිටුවා ඇති දැවැන්ත කොන්ක්‍රීට් පාද අතරින් මධ්‍යධරණී මුහුදට ගලා බසී.
මෙවැනි පරිසරයක පිහිටි මෙම සුන්දර ග්‍රාමයේ රතු ගඩොලින් නිමවූ ලෝකයේ විශාලතම හා පැර‚ පූජනීය කතෝලික දේවස්ථානයක් පිහිටා තිබේ. දෙවැන හා සිව්වැනි සියවසට අයත් වර්ෂ 1282 දී ආරම්භ කර වර්ෂ 1480 දී අවසන් කළ දිග මීටර 113ක්, පළල මීටර 35ක්, උස මීටර 78 ලෙස ගණනය කර ඇති සම්පූර්ණයෙන්ම රතු ගඩොලින් අවසන් කල මෙම දේවස්ථානය රෝමානු කතෝලික ගෘහ නිර්මාණයේ ආරම්භක අවස්ථාව පිලිබිඹු කරන අතරම කතෝලික ඕර්තඩොක්ස් සම්ප්‍රදායික ගෘහ නිර්මාණයෙන් දේවස්ථානයේ ඇතුළත අලංකාර කොට ඇත්තේය.
පෞරාණික මෝස්තරවලින් හැඩ ගැන්වූ සියලූම කැටයම් ගොතික් කලා ශිල්පයට අයත්වේ. ගොතික් කලා ශිල්පය ප්‍රංශයේ ආරම්භක ගෘහ නිර්මාණයේ ප්‍රධාන තැන ගත් හා එකල ප්‍රසිද්ධ මෝස්තර ශිල්පය ලෙස ප්‍රංශ ඉතිහාසයට එක්වේ. දේවස්ථානයට යාබදව පිහිටා ඇති බෙර්බි මන්දිරයද එම සියවසටම අයත් යුනෙස්කෝ පුරා වස්තුවක් වන මෙම මන්දිරය අද වන විට කෞතුකාගාරයක් බවට පත්කර ඇත්තේය.
18 හා 19 වන සියවසේ ප්‍රංශයේ ජීවත්වූ චිත්‍ර කලාවට දක්ෂ එම ශිල්පයේ ප්‍රවීනයෙක් වූ හෙන්රි ඩේ තුලූස් ලූට්රෙක් ශිල්පියාගේ මන බන්ධන පැර‚ චිත්‍ර වලින් ඉහත කෞතුකාගාරය වර්නවත් වී කලා කෞතුකාගාරයක් බවට පත්වී ඇත.
මේ වටා පිහිටි බොහෝ ගොඩනැගිලි රතු ගඩොලින් නිම කළ රතු ගඩොල් ග්‍රාමයත් , ගම මැදින් ගලා බසින ත්‍රාන් ගංඟාවේ දෙඉවුර එක් කළ එම ගඩොලින් නිමවූ දැවැන්ත ආරුක්කු හැඩැති පාලම් ඇල්බි ගම එක් කොට රතු පාට පරිසරයක් මුළු ගමටම එක් කොට ඇත්තේය.
ගම වටා සංචාරය දෙවැනි හා සිව්වැනි සියවසේ පරිසරයක සිරියාව මතකයට එක් කරයි. කිතුනු දහම් ඉතිහාසයේ පූජණියත්වයෙන් සලකන හා කිතුනු සංගීතයේ මව් ලෙස සලකන කිතුනුවන්ගේ පිදුම් ලබන සෙන්ට් ෂිසිලියා නම් ශුද්ධ වූ කන්‍යා තුමියගේ නමින් මෙම දේවස්ථානය නම් කර ඇත්තේය. එතුමියගේ ජීවිත කථාවේ තුල ඇල්බි ග්‍රාමය ඇයගේ තුරුණු විය පසුකල සුවිශේෂි ස්ථානයකි.
මෙම දේවස්ථානයේ පූජා හා එක්වෙන ගීතිකා ඇගේ සංගීතයේ සියුම් මිහිරි ස්වරය දේවස්ථානයේ දෝංකාර වුයේය. ඒ එදාය. අද ද එම මිහිරි හඬ බිත්ති මත එල්ලා ඇති ශබ්ද පෙට්ටි වලින් ශ්‍රවනය කළ හැක්කේය.
මෙම සියලූ කරුණු හේතු කොට ඉහත කිතුනු දේවස්ථානය බොහෝ දෙනාගේ ගෞරවයටත් වැදුම් පිදුම් ලැබීමටත් පාත්‍රවී ඇත්තේය. දේවස්ථානයට හිමි ඵෙතිහාසික පුරාණය හේතු කොට බොහෝ සංචාරකයෝ මෙහි පැමිණෙති.