Wednesday, 28 August 2019

සෙත් ශාන්තිය (සාම්ප්‍රදායික සන්නිවේදනය)

                                                        සෙත් ශාන්තිය 


"ගේත් එක්ක පාලුයි දම්මි , සුරංග නැති  මේ දවස් දෙක - තුනට අවුරුදු දෙකක් මන් මේ දරුවෝ දෙන්න එක්ක තට්ට තනියමේ ඉන්නේ කොමෙයි  දෙයියනේ ! ටිකක් හරි පාලු  මැකෙන්නේ යසෝ  අක්කා කුස්සියේ ඉන්න හින්දයි . ඉතින් ඔය මොනවාහරි දොඩවා දොඩවා ඉන්න එක තමයි දම්මි මගේ වැඩේ . එයෙයි රෑට ඉන්නවටත් ගානක් වෙනම දෙන්න සුරංග පොරොන්දු වුනා. මේ ස්කොලර්ශිප්  එකෙන් අපි තුන්දෙනාට යහපතක් වන හින්දයි සුරංග ඉන්දියාවට ගියේ. නැත්නම් අපි තුන්දෙනා දාලා ගෙයින් එලියට අඩියක් තියෙන මිනිහෙක් නෙවෙයි."

විජිතානි, සිය කාර්යාලයේ දී හිතවත් මිතුරියක හා ඇගේ සිතේ පවතින හොන්දුමාන්දුකම මෙන්ම දුක තුනිකරගන්නට සිතා සුසුමක් හෙළුවාය . විජිතානි ගණකාධිකාරවරියෙකි. ඇගේ  සැමියා සුරංග  ඉංජිනේරුවරයෙකි  . ඉකුත් දා ඔහුට ශිෂ්‍යත්වයක්    හිමිව ඉන්දියාවට ගියේය. 

"විජිතානි, ඔයැයි සුරංග ගැන හිතහිතා හැමදාම ඉන්න ගියොත් මානසික රෝගියෙක් වෙනවා.  අනික දරුවෝන්ටත් තාත්තා නැතිව සංකාව අපේ දේවාලයේ සෙනසුරදාටයි අගහරුවාදටයි යාතිකාවක් තියෙනවා. ඔය හිතේ තියෙන කාන්සිය-මහන්සිය ලෙඩදුක් කරදර ඔක්ක්කොම ටික දුරු වෙනවා යාතිකා ටික ඇහුවම. හරි සෙනග එතන. අපේ දුව සාමාන්‍ය  පෙළ පාස් වුනේ මොකෝ පාඩම් කරලයි. නෑ කපුමහත්තයාගේ යාතිකා බලයෙන්. අපි ඉතින් ලොකු තෑග්ගක්  ගිහින් දුන්නා  කපු මහත්තයාට" 

මිතුරියගේ යෝජනාව විජිතානි හිස්මුදුනින් පිළිගත්තා ය. ඇයට  හරි සතුට කි .

මිතුරියගේ මග පෙන්වීම යටතේ විජිතානි සතියේ සෑම අගහරුවාදා හා සෙනසුරාදා දෙදිනම රෑ 8න් පසු කිසිම වැඩක් යොදා නොගනී. ඇය පළමුව දරු දෙදෙනාට කවා නිමකර ඇය ද මොනවහරි උඩින් පල්ලෙන් ගිල දමන්නේ රෑ වන තුරු දේවාලයේ ගත කිරීමට සිදුවන බැවිනි.දරු දෙදෙනාටත් අන්දවාගෙන ඇයත් ගමනට සැරසී යසෝ අක්කාත් රථයට නංවාගෙන දේවාලය වෙත එන්නේ සැහැල්ලු වූ සිතිනි. 

"තෙල් මල් හදුන්කූරු  ඔක්කොම ටික හරි නේද යසෝ අක්කේ " ? ඇය ඒ බව සේවිකාවගෙන් අසන්නේ සියලුදෙනාම රියට නැග ගත්තා ට පසුවය . 
කපුමහත්තයාගේ කන් පිනවන දෙවියන් යදින යාතිකා බැතිමතුන් කුල්මත් කරවති .
" මං නම් මේ දවස් ටිකේ මස් මාළු බිත්තර කෑමෙන් වැළකිලා ඉන්නේ හරිම අමාරුවෙන්. පොඩි දෙන්නට තාම මේවයේ ගුණ සුවද තේරෙන්නේ නැති හන්ද ඒ දෙන්න්නා මස් මාළු කාලා ආවට කමක් නෑ කියලයි කපුමහත්තයා කිවිවේ. නැත්නම් මේ දෙන්නට මස් මාළු බිත්තර නැතිව කවාගන්න හරි අමාරුයි "
දේවාලයේ දී අලුතින්  දැන හදුනාගත් හිතවතුන් හමුවේ ඇය පවසන්නේ එසේය.

"අපේ ලොකු දූගේ ග්‍රහ අපල වලට කපු මහත්තයා ලව්වා සෙත් ශාන්තියක් කරව ගන්න මං එනවා මිසක් හිත හොදින්  එන ගමනක් නෙමෙයි. අර බලලා පුරුදු ටෙලි නාට්‍ය දවසක් හරි මග හැරුනම මටනම් හිතට හරි මොකද්ද වගේ ."

දේවාලයේ දී අලුත් මිතුරියන් පවසන මේ දුක් අදෝනා විජිතානි අසා සිටින්නේ ඊටත් වඩා දුකිනි . ඇය ඔවුන්ගේ සිත් සනසවාලයි. කෝවිලේදී දැන හදුනාගත් මිතුරු පවුලක් සමග කුළුපග විය. ඇය නමින් සුමනාවතී විය .

මේ දේවාලයේ ගොඩාක් හාස්කම් තියෙනවා නේද ? සමහරුන්ට අදෘශ්‍යමාන බලවේග වලට ප්‍රතිකර්ම කරනවා කියන්නේ ඇත්ත ද ? මං අහලා තියෙන විදිහට ලෙඩට දුකට පුදුමාකාර සහනයක් තියෙන බව දම්මි දවසක් මට කිවුවා .

"ඔව් ගැටබරු දේවාලය කියන්නේ පුදුමාකාර හාස්කම් තියෙන තැනක් මේ රජ්ජුබන්ඩාර  දේව අඩවිය නොවැ ." නෝනා මාතර ම ද ?"

"නෑ,  මං මේ පළාතේ නොවේ මං හපුතලේ මන් මෙහා පදිංචියට අවේ මේ ලගදී ."

"අහ් එහෙම ද එහෙනම් මේ දේවාලේ හාස්කම් ගැන දැනගන්න විදිහක් නැ. ."රුහුණේ පුංචි කතරගම’’ කියලා තමයි මේ දේවාලයට කිව්වේ. මේ දේවාලයේ බලගතුකම නොදන්නා කෙනකු දකුණු පළාතේ නොමැති තරම්ය.ඒ තරමටම ගැටබරු දේවාලය මිනිස්සුන්ට  සමීපයි නෝනේ . ගෙදරක දානයක්, පිරිතක්, පිංකමක්, උත්සවයක් ආදී කිසියම් සුබ කටයුත්තක් තියන්න කලින්   ගැටබරු දේවාලයට ගොහින් පඩුරක්  ගැටගහලා  බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගන්නවා . "

"සොරකමක්, මංකොල්ලයක්, අපහාසයක දී  ද, මිනිස්සුන්ගේ  පිහිටට ඉන්නේ මේ  දෙවියන්ය. පොලිසියට  අධිකරණයට වඩා යුක්තිය පිළිබඳ සොයා බලා වැරැදි කරුවන්ට  දඬුවම් දෙන්න  රජ්ජුරු බණ්ඩාර දෙවියන් ක‍ටයුතු  කරන බව මිනිස්සු  විශාල ලෙස විශ්වාස   කරනවා ."

හොඳට හා නරකට යන දෙකටම පිහිට වන මේ දෙවියන්ට "එවෙලේ දඬුවම් දෙන දෙවියන්" කියලා කියනවා නෝනා . 

" මං ගිහින් එන්නම් නෝනේ ගැටබරු දෙවිහමුදුරුවන්ගේ පිහිටයි ."
විජිතානි දරු දෙදෙනාවත් රැගෙන දේවාලය වෙත යන්නට වුවාය.ඇය දෙවොල වෙත ගොස් කපු මහතා සමග තමා ආ කාරනාව පවසා ආශිර්වාදය ලබා ගත්තාය. ඒ අතරතුර  ඇයට දැනගත හැකි වුයේ මහා වංශයේ සඳහන් පරිදි වලගම්බා රජු සතුරු ආක‍්‍රමණිකයින්ගෙන් මිදීමට සැඟවී සිටි රුහුණේ කඳු ශිඛර මත ඉදි කළ ලෙන් විහාරයක් ලෙසද මෙම ස්ථානය හැඳින්වෙන බවත් ගැටබරුව සමගම රුවන්කන්ද, එළමල්දෙනිය, ඌරුමුත්ත හා සිත්තම්ගල්ලෙන ආදී සිද්ධස්ථාන ද එම යුගයේ බිහි වූ බව ත් ය .
කන්ද උඩරට රාජ වංශයේ බණ්ඩාර සම්භවයෙන් පැවත ආ බණ්ඩාරවරුන් ප‍්‍රාදේශීය උප රාජ්‍යයන් බවට පත් වීමේදී බස්නාහිර ඉසව්වේ ප‍්‍රදේශ රැුසකට අධිපතිව සිට මරණයෙන් පසු රජ්ජුරු බණ්ඩාර නමින් දේවත්වයට පත්ව ඇතැයි ද තවත් ජනප‍්‍රවාදයක සඳහන් වන බව ඇයට දැනගත හැකි වුයේ කපුමහතා අතර ඇතිවූ සංවාදයෙනි .

කෙසේ වෙතත් රජ්ජුරු බණ්ඩාර දෙවියන් අයුක්තියට අසාධාරණයට එරෙහිව යුක්තිය ඉටු කොට දඬුවම් ලබාදෙන දෙවියකු බව සියලූ දෙනා අතර ප‍්‍රකට බවත්  තම ජීවිතයට සොර සතුරු බියක්, නින්දා අපහාසයක් සිදු වෙයිද, ඒ  ඕනෑම දෙයකට පිහිට ලබා දෙන්නේ මේ දේවාලයෙ න්  බවත්  එම නිසා පලි ගැසීම, අවලාද කිරීම, වස් කවි කීම හා පොල් ගැසීම මෙම දේවාල භූමියේ අලූත් දෙයක් නොවන බවත් ඇයට දැනගතහැකි විය 

ඇය දේවාල අඩවියෙන් පිටතට පැමිණෙන විට ඇයගේ හිතේ තිබු සියලුම පීඩාවන්  සියල්ල පහව ගොස් තිබුණි . ඈ එතනින් පිටව යන්නට වුයේ නැවතත් පැමිණීමේ බලපොරත්තුවෙන්ය.  





රජ්ජුරු බණ්ඩාර දෙවියන්






                                                                 








                                                                                                                         පුන්සදනී නාගහවත්ත  
                                                                                                                         HS/2016/0726                                                                                                                                                         MACO 21442 






8 comments: