Sunday, 28 July 2019

මව් කිරි වල බල මහිමය ..

මව්කිරි වනාහි මවක් ලෙස ඔබේ දරුවාට දිය හැකි වටිනාම ආහාරයයි . එය දෙවරක් නොව දස දහස් වරක් සිතා බැලුවද වෙනස් නොවන කරුණකි.වර්තමානය වන විට නවීන විද්යාිත්මක දැනුම ඔස්සේද ඒ බව මනාව සනාථ ඇත .
මව්කිරි යනු දරුවාගේ අවශ්යුතා අනුව සොබාවිකව සැකසී එන ආහාරයකි .එය සිදුවන්නී කෙසේදැයි තව දුරටත් පැහැදිලි කරගනිමු.
දරුවකු ඉපදුනු විගස මවගෙන් ශ්රාවවය වන මව්කිරි, කොලස්ට්රමම් යන විශේෂ නමකින් හදුන්වන අතර එය මව්කිරි වලට වඩා වෙනස්ය.
කොලස්ට්රවම් වල protein බහුල අතර අලුත උපන් දරුවා ලෙඩ රෝග වලින් ආරක්ෂා කර ගැනීමට ගැනීමට අවශ්යට කරන සුදු රුධිර සයිල ,ප්රරතිදේහ ආදියෙන්ද සමන්විත වේ .මිට අමතරව දරුවාගේ මොලයේ වර්ධනයට , ආහාර මාර්ගයේ වර්දනයට උපකාරී වන growth factors වලින් එය පොහොසත්ය .මෙම කොලස්ට්ර‍ම් දියරය ළා කහ පැහැයෙන් යුක්ත වන අතර උපතේ දින 5ක් පමණ වනතුරු ශ්රාතවය වන දරුවාට අත්යදවශ්යැයෙන්ම ලබා දියයුතු පෝෂනගුණය අතින් කිසිවකට සමකල නොහැකි අනර්ගතම ආහාරයකි
මව්කිරි දීම ප්‍රතික්ෂේපකරන නූතන මව්වරුන්ට මානසික අවපීඩනය ඇතිවීමේ දෙගුණයක අවදානමක් ඇතැයි ජර්යේෂකයෝ කියති. මව්කිරි දීමේ දී මවගේ මනෝභාවයන් වැඩි දියුණු කිරීමට අදාල හෝමෝන රුධිරයට නිදහස් වේ
වැඩිහිටියන් තම දියණිය ලේලිය හා සුරතල් මුණුපුරාගේ අලුත් ජීවන ආරම්භය වෙනුවෙන් ඔබගේ සහයෝගයද වැදගත්ය..
ඔබ දරුවන් රැක බලා ගැනීම පිළිබඳ මනා අත්දැකීමකින් යුතු හෙයින් ඇයට ඔබේ සහය වැදගත්ය.
කිරි දීමේ ක්රමය නිවැරදි දැයි බලා ඇයට ඒ පිළිබඳව දැනුවත් කරන්න.
මාස කිහිපයක් ගේදොර කටයුතුවලින් ඇයව නිදහස් කොට දරුවා සමග මනා සබඳතාවයක් ගොඩනගා ගැනීමට සහය වන්න.
පෝෂණීය ආහාර වේලක් ලබා දෙන්නට කටයුතු කරන්න. හොඳින් කිරි එරෙන ආහාර පිළියෙල කර දෙන්න. නිවසේ සියලු දෙනාටම පෙර ඇයගේ ආහාර වේල ලබා දෙන්න අමතක කරන්න එපා
අලුත උපන් ළදරුවෙක් සමග සිටින මවට විවේකය ලබා දීම ඉතාම වැදගත් බව සියලු දෙනා වටහා ගත යුතුය

5 comments: