Monday, 29 July 2019

මිනිසාට සම ලක්ෂණ ඇති ඩොල්පින්


ඩොල්පින් යනු මිනිසාට බොහෝ සෙයින් සමාන ගතිගුණ ඇති සත්තවයෙකි.එම නිසා මිනිසුන් මෙන්ම ඩොල්පින් මසුන්ද මත් වීමට ප්‍රියතාවයක් දක්වන බව හවායි හි පිහිටා තිබෙන ඩොල්පින් පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් පවසයි.
ඒ අනුව ඩොල්පින්  මසුන් මත් වීමට භාවිත කරන ක්‍රමයද විශ්මයජනකය.පර්යේෂකයන් පවසන අන්දමට මෙම  ක්‍රියාවට ඩොල්පින් මසුන් 40-60 පමණ සහභාගී වේ. Puffer fish නැමති මත්සයෙකු වටා ඩොල්පින් රැල එසේ එක්වේ.මෙම මත්සයා අධික විෂකින් යුතු වන අතර මෙම මත්සයාගේ ශරිරය තුළ ටොක්සීන්(Toxic) නැමති මාරාන්තික විෂ අඩංගු වේ.මෙම රසායනය අධික ලෙස ශරීර ගත වුවහොත් මරණයට පත් වන අතර සුළු ප්‍රමාණයක් මගින් මත්බවක් ලබා දෙන බව පැවසේ.එම නිසා ඩොල්පින් රැල සිදු කරන්නේ කවයක් ආකාරයට සැකසී ඔවුන්ගේ මුව භාවිතයෙන් මෙම මත්සයා ඔවුනොවුන් අතර හුවමාරු කරගනී.මද වේලාවක් මෙසේ සිදුකරණ විට ඩොල්පින් මසුන් මත් වේ.ඇති පදමට මත් වූ පසු ඩොල්පින් රැළ puffer fish  මත්සයා අත්හැර දමා නැවත දියඹ කරා පිහිනා යයි.නමුත් ඩොල්පින් මසුන් තරම ඉක්මවා මත් නොවීමට වග බලා ගන්නේ එසේ වුවහොත් නිසැකවම මරණය හිමි වන බව ඔවුන් දන්නා බැවිනි.

1 comment: